රට ගිය ඇත්තන්ට ප්‍රචාරයක්


විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගේ වරප්‍රසාද සහ සුබසාධන කටයුතු පුළුල් කරන ලෙස ඉල්ලා රජයට බල කිරීමේ සංවිධානයක් වන “රටගිය ඇත්තෝ”  සංවිධානයට ලෝක ව්‍යාප්ත ප්‍රචාරයක් ලබාදීමේ අරමුණෙන් සෞදි අරාබියේ නැගෙනහිර පළාත විදේශ ගත ශ්‍රී ලංකා සංසදය විසින් සිකුරාදා මාධ්‍ය හමුවක් දමාම් නගරයේදී පැවැත්විණි.

විශේෂයෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් විශ්‍රාම වැටුපක්, තීරුබදු රහිත වාහන හිමිකම්, ඡන්ද බලය ලබා ගැනීම සඳහා පවතින රජයට බලපෑම් කිරීම ඇතුළු විවිධ විෂයයන් සදහා රජයේ අවධානය යොමු කිරීම මෙහිදී  සිදුවිය.

ශ්‍රී ලංකාවේ සුජිත් පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන රටගිය ඇත්තෝ සංවිධානයේ උපදෙස් පරිදි මැදපෙරදිග කලාපයේ වෙසෙන ලක්ෂ 15කට නොඅඩු ශ්‍රී ලාංකිකයින් දැනුම්වත් කිරීම මෙහි අරමුණ වූ බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා සංසදයේ සාමාජිකයෙක් පැවසිය .

මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයින් රටගිය ඇත්තෝ සංවිධානයේ  ලියාපදිංචි වීම සඳහා පහත සදහන් දුරකථන අංක හෝ “රටගිය ඇත්තෝ’තැපැල් පෙට්ටිය 28 කටුනායක ශ්‍රී ලංකාව යන ලිපිනයෙන් ලියාපදිංචි විය හැකි බවයි.

දුරකථන අංක 00966545214452,00966500998349 සහ 00966502434849

web web1