රට ගැන හිතා වරාය පනතට සහාය දෙන්න


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කොරෝනා වසංගතය හමුවේ වැටී ඇති ආර්ථිකය ගොඩ ගැනීමට ඇති ප්‍රධාන තුරුම්පුව කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යයි සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවැසී ය .

මේ පනත් කෙටුම්පතට සාම්ප්‍රදායික අදහස් වලින් මිදී සහය දක්වන්නැයි සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීය .

ගුණවර්ධන මහතා මෙසේ පැවසුවේ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේ දී ය .