ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නැවතත් දෙන්නැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් තමා පෞද්ගලිකව ඉල්ලීමක් කළ බව හිටපු ඇමැති හා සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රජීව් විජේසිංහ මහතා අද (9) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ඡන්දෙට එන එක හොඳ බවත් ඔහුට සන්ධානයෙන් නාම යෝජනා ලබාදීම ගැන තමාගේ විරුද්ධත්වයක් නැති බවත් මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරියට ගෙන යාමට සන්ධාන රජයක් බිහිවීම වැදගත් බවත් විජේසිංහ මහතා එහිදී කීවේය.

