රජරට හතකට පන්ති තහනමක්


නවක වදය දුන්නැයි සැකපිට රජරට සරසවියේ වෛද්‍ය පීඨයේ සිසුන් හත් දෙනකුගේ පන්ති තුන්වැනි දා සිට සතියකට තහනම් කරන බව උපකුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන කියයි. එම පීඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යාවක ද මේ පිරිස අතර සිටි ඔවුන්ට වෛද්‍ය පීඨ පරිශ‍්‍රයට ඇතුළුවීමට ද තහනම් වෙයි. නවක වදය දෙන සිසුන් ගැන දැඩි ලෙස විනය ක‍්‍රියාමාර්ග ගන්නා බව උප කුලපති පවසයි.