රජරට සිසුන් 23කට දඬුවම්


රජරට සරසවියේ සිසුන් පිරිසකට 2010.10.25 වැනි දා පහර දී දේශන ශාලාවකට අලාභ හානි කළැයි කියන සිසුන් 23 දෙනකුගේ පන්ති තහනම් කැර 19 දෙනකුට දැඩි ලෙස අවවාද කළ බව උපකුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන පවසයි. 2010.10.25 වැනි දා සිට තෙවැනි හා සිවුවැනි වසර සිසුන් දස දෙනකුගේ පන්ති  තුන් වසරකට තහනම් කැරේ. තවත් සිසුන් තිදෙනකුට එම තහනමට අමතරව අවසාන පීඨ විභාග ප්‍රතිඵල අත්හිටැවෙයි.  දෙවැනි, තෙවැනි වසර සිසුන් දස දෙනකුට ද එම තහනම අතිරේක අර්ධ වාර්ෂික ප්‍රතිඵල අත්හිටුවීමට ද තීරණය කැර ඇත. මේ විනය පරීක්ෂණයේ සාක්කියට සිසුහු 60 දෙනෙක් කැඳවනු ලැබූහ.