රජරට සරසවියේ අදත් ජරමරයක්


රජරට විශ්ව විද්‍යාලයයේ සිසුහු පිරිසක් එහි උප කුලපති හා ආචාර්ය මණ්ඩලය බලයෙන් රඳවාගෙන බලයෙන් සාකච්ඡාවක් පැවැත්වූ බව සරසවි ආරංචිමාර්ග කියයි.

සිසුන් 28 දෙනකුගේ පන්ති තහනමක් ගැන මේ සාකච්ඡාව පවත්වා ඇත.

උප කුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන කලමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුන්ගේ මාපියන් සමග සාකච්ඡාවක් පවත්වද්දී සිසුන් පිරිසක් එහි පැමිණ උපකුලපති හා ගුරුවරු හිර කළ බව කියති.

උපකුලපති හා සරසවි ආචාර්යවරුන්ගේ ආරක්ෂාවට සරසවි ආරක්ෂකයනට අමතරව පොලිසිය ද කැඳවිණි.