(දයාරත්න ඇඹෝගම)
වසා දමන ලද රජරට විශ්ව විද්‍යාලය මේ මස 16 වැනි දින යළි විවෘත කරන බව රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති ආචාර්ය ආනන්ද කරැණාරත්න මහතා අද (13)දින පැවසිය.
එසේම විවිධ චෝදනා යටතේ පංති තහනම් කරනු ලැබු සරසවි සිසුන් 16 දෙනාගේ පංති තහනම ඉවත් කිරිමටද පාලක මණ්ඩලය තිරණය කළ බව උපකුලපති ආචාර්ය ආනන්ද කරැණාරත්න මහතා මෙහිදි සදහන් කළේය.
පංති තහනම් කර සිටි සිසුන් 16 දෙනාගේ පංති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා පසුගිය 29 දින සරසවි සිසුන් විශ්ව විද්‍යාල භුමියේ උද්ඝෝෂණය කර, පරිපාලන ගොඩනැගිල්ලට පිවිසිමෙන් අනතුරැව මිහින්තලය පරිශ්‍රයේ පිහිටි පිඨ හතරක් වසා දැමීය.
ඒ අනුව පසුගිය 11 වැනි දින රැස්වු පාලක සභාව වසා දමන ලද ව්‍යවහාරික අධ්‍යන පිඨය,තාක්ෂණික විද්‍යා පිඨය,කළමණාකරන පිඨය සහ මානව ශ්‍රාස්ත පිඨය යළි මේ මස 16 වන දින විවෘත කිරිමට තිරණය කර ඇත.
එසේම දිර්ඝ කාලයක් පංති තහනම් කර තිබු සිසුන් 16 දෙනාගේ පංති තහනම ඉවත් කිරිමටද පාලක සභාව ඒකමතිකව තිරණය කල බව රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති ආචාර්ය ආනන්ද කරුණාරත්න මහතා වැඩි දුරටත් පැවසිය.