රජරට වෙද සිසුහු අදත් සරසවිය ළඟ මවුපියොත් එක්වෙති.
රජරට සරසවියේ සාලිය පුර වෛද්‍යපීඨ සිසුහු ”දොස්තර කබායද” ඇඳ විරෝධතා පුවරුද රැගෙන කළුපටිවලින් කටද බැද මවුපියන් සමග උපකුලපති හමුවීමට අවශ්‍ය බව කියමින් සරසවිය අවට පාරේ රැදී සිටිති. ඔවුනට සරසවිය තහනම් කැර ඇති හෙයින් හමුවිය නොහැකි බව උපකුලපති කාර්යාලය දැන්වීය.
එහෙත් මවුපියන්ගේ නියෝජිතයනට ඔහු හමුවීමට ඉඩකඩ ඇහැරී නැත.

