රජරට වෙද සිසු පිරිස බලෙන් රැඳී සිටිති


නේවාසිකාගාරවලින් ඉවත්වන්නැයි දෙවැනි වරටත් කළ නියෝගය නොතකා රජරට සරසවියේ වෛද්‍ය පීඨයේ පළමු වසර සිසුහු සාලියපුර පරිශ‍්‍රයේ රැඳී සිටිති. පොලිසියද ඒ අසල රැඳී සිටියි. අද උදේ හය වනවිට ඉවත් වන ලෙස මුලින් දැනුම් දුන් අතර දෙවැනි දැන්වීම් අනුව පෙරවරු 11ට ඉවත්වන ලෙස කියා තිබිනි. එහෙත් කිසිවෙක් ඉවත් නොවූහ.