
(මනුල වික්‍රම)
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශය පර්යේෂණ කෞතුකාගාරය විවෘත කිරීම අද(7) සිදු කෙරිණි.
‘ආචාර්ය ශිරාන් දැරණියගල කෞතුකාගාරය ‘ නමින් නම් කර ඇති එම කෞතුකාගාරය එම විශ්ව විද්‍යාලය ඇතුළු රටේ සමස්ත පර්යේෂණ අංශ වලට උපයෝගීකරගත හැකි පරිදි එහි සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ ගොඩනැගිල්ලේ පහළ මහලයේ ස්ථාපිත කර තිබේ.
වසර මිලියන 482 ක සිට වසර මිලියන 200 දක්වා ඉතිහාසයේ පුරාවිද්‍යා සාධක අධ්‍යනය සඳහා පොසිල, ශ්‍රී ලංකාවේ ජුරාසික් යුගයේ පොසිල, වසර මිලියන 195ක් පැරණි මීමන ශාඛ පොසිල, පුත්තලම සිමෙන්ති කම්හල ඇසුරින් සොයාගත් වසර වසර මිලියන 5-23 අතර පැරණි සත්ව පොසිල, රත්නපුරෙන් සොයාගත් වසර 80000ක් පැරණි රයිනෝසිරස් සත්ව පොසිල, වසර 47000-3000ත් අතර කාලයක් පැරණි මානව සැකිලි කොටස් ,ගල් ආයුධ, කානිලියන් පබළු, ඉහළ තාක්ෂණික බලයෙන් නිපදවූ මැටි බඳුන් ආදී ශ්‍රී ලංකාවේ පූර්ව ඉතිහාසය, ඓතිහාසික යුගය හා ලෝහ තාක්ෂණයේ සංවර්ධන අවධීන් දක්වන පුරාවස්තූන් රාශියක් මෙම කෞතුකාගාරයට අන්තර්ගත වන බව මහාචාර්ය තුසිත මැන්දිස් මහතා එහි දී සඳහන් කළේ ය.
එම අධ්‍යයන අංයෙන් සම්පාදනය කළ ප්‍රාග් ඉතිහාසය හා ශිලා මෙවලම් තාක්ෂණය,ශ්‍රී ලංකාවේ ප්‍රාග් හා පූර්ව ඓතිහාසික අවධියේ සංස්කෘතික විවිධතා හ ශවෝපාචාර ක්‍රම,ප්‍රාග් ඓතිහාසික සත්ත්ව අස්ථි හා ශිලා මෙවලම් විශ්ලේෂණය යන ග්‍රන්ථ ත්‍රිත්වය එහි දී සෙනරත් දිසානායක පිළිගැන්වූයේ මහාචාර්ය තුසිත මැන්දිස් ය.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් යුතුව රජරට විශ්ව විද්‍යලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති මහාචාර්ය චන්දන රෝහණ විතානච්චි, පුරාවිද්‍යා හා ජාතික උරුම කලමනාකරණ අධ්‍යනාංශයේ අංශාධිපති මහාචාර්ය තුසිත මැන්දිස් හා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරිය ලගමුව මහතුන් ඇතුළු පිරිසක් ඊට එක්වූහ.










