(දයාරත්න ඇඹෝගම)
සිසුන් පිරිසක් විසින් රජරට විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලට අද (21) බලහත් කාරයෙන් පිවිස ඒ තුල රැදි සිටීම නිසා හෙට (22) සිට දින නියමයක් නොමැතිව විශ්ව විද්‍යාලය වසා දැමීමට එහි පාලන අධිකාරිය පියවර ගෙන තිබේ.
ඒ අනුව හෙට (22) පෙරවරු 10ට ප්‍රථම විශ්ව විද්‍යාල භුමියෙන් සහ නේවාසිකාගාර වලින් ඉවත්ව යන ලෙසට පාලනාධිකාරිය විසින් සිසුන්ට දන්වා තිබේ.
රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් 21 දෙනෙකුගේ පංති තහනම් කිරීම සහ සුබ සාධන ගැටලු විසදා ගැනීමට රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා විසින් අද (21) සිසුන්ට සාකච්චාවක් ලබාදි තිබුන බවත් ඒ අනුව එහි ගිය සිසුන්ට උපකුලපතිවරයා විදේශගතවී ඇති බව එහි සිටි නිලධාරින් පැවසූ බවත් සිසුහු පවසති.