වවුනියාවේ සිට මාතර බලා ධාවනය වන රජරට රැජින දුම්රිය ගල්ගමුවේ දුම්රිය පෙළේ දී කාර්මික දෝෂයකට ලක්වී පැය තුනකට අධික කාලයක් ප්‍රමාද වී ධාවනය කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි කියයි.
මහවෙන් ගෙන්වාගත් දුම්රිය ඇන්ජිමක ආධාරයෙන් දුම්රිය උදෑසන 9.27ට පිටත් වූ බව ගල්ගමුව දුම්රිය ස්ථානයේ ප්‍රකාශයෙක් කීය.

