
(ප්‍රදීප් රණතුංග )
ඉන්දියාවේ, ගෝවා නුවරදී ඉකුත් දා පැවැති කීර්තිමත් ICAI ජාත්‍යන්තර පර්යේෂණ සම්මාන 2025 උළෙලේ දී එහි විගණන කාණ්ඩයේ රිදී සම්මානයෙන් පුදුම් ලැබීමට රජරට විශ්ව විද්‍යාලයේ, කළමනාකරණ පීඨයේ, ගණකාධිකරණ හා මුල්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය සන්ධ්‍යා කුමාරි ජයසේන මහත්මිය සමත් වුවාය.
ලෝකයේ විවිධ රට වලින් ඉදිරිපත් කෙරුණු පර්යේෂණ ලිපි 327 ක් අතුරින් තේරී පත්ව ඇය මෙම සම්මානයෙන් පිදුම් ලබා තිබේ. මහාචාර්යවරිය විසින් රචිත විගණකවරුන්ගේ අභප්‍රාය තීරණය කරණ සාධක පරීක්ෂා කිරීම ( ශ්‍රී ලංකාවෙන් සාක්ෂි ) නම් පර්යේෂණ ලිපිය සදහා මෙසේ රිදී සම්මානය පිරිනමා ඇත.

																	
																	
																	
																	
																	
																	