අනුරාධපුරයේ මිහින්තලය, කහටගස්දිගිලිය හා හොරොව්පතානට දෙසතියකට පසු අද සවස පැයකට ආසන්න කාලයක් වැසි පැවතියේය.
‘සෑහෙන වැස්සක් ලැබුණා.ඉඩෝර ගතියත් නැති වුණා‘ යැයි අනුරාධපුර වැසියෝ කීහ.
දිවයිනේ බොහෝ පළාත් හි ඉඩෝර තත්ත්වයක් ඇතත් ඉඩෝරයක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මේ මාසේ අග වන විට බලාපොරොත්තු වු අන්තර් මෝසම් වැසි ලැබෙතියි ද ඒ වන විට දැන් පවතින කාලගුණය වෙනස් විය හැකි යැයි ද කියයි.
සෑම පෙබරවාරීයකම වැසි අඩු කාලගුණ තත්ත්වයක් පවතින බවත් අන්තර් මෝසම් වැසි නොලැබුණොත් පමණක් නියං තර්ජනයක් ඇති වන බවත් කාලගුණ විද්‍යාඥයෝ කියති.
දැනට පවතින අධික ඌෂ්ණත්වය තුරන් වී යතියි ද ඔවුහු කියති.

