රජරට ගොවියෝ මඩාටුගමදී විරෝධතාවක


(නුවන් කුමාර)

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කැකිරාව ඒකාබද්ධ ගොවි සංවිධාන එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් කැකිරාව, මඩාටුගම හන්දියේදි පැවැතිවිණි.

රජය මගින් ලබාදුන් පොරොන්දුවට අනුව පොහොර සහනාධාර නිසි ලෙස ලබාගැනීම, කෘමිනාශක හිඟයකින් තොරව ලබාගැනීම හා ඉහළදමන ලද ඉන්ධන මිල පහළ දමමින් ජීවන වියදම අඩු කිරීම ඇතුළු  ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් මෙම විරෝධතාවය පැවැත්විණි.

රසායනික පොහොර ඇතුළු රසායනික ද්‍රව්‍ය වෙළදපොළේ නොමැති නිසා අතිරේක බෝග හා පලතුරු සදහා වගාකළ ගොවි ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටින බවද ඔවුහු පවසති.

දශක 5කට ආසන්න කාලයක් රසායනික පොහොරවලට හුරුවු තමන්ට එක්වරම කොම්පොස්ට් පොහොර ඇතුළුව කාබනික කෘමිනාශක භාවිතාකරන ලෙසට රජය දන්වා සිටියත් එය ප්‍රායෝගීකව ගොවීන්වන තමන්ට කෙසේවත් කළ නොහැකි බව ගොවියෝ කියති.