රජරට කුඹුරුවල තණ කොළත් වවයි?


වී වගාවට අමතරව යම් ප‍්‍රමාණයකට තණ කොළ ද වගා කිරීමට පොළොන්නරු දිස්ත‍්‍රික්  කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී අද තීරණය විය. පොළොන්නරුවට ආවේණික ‘තමන්කඩුව’ නමින් හැඳින්වෙන හරකුන් විශේෂයක් සිටින බවත්, කුඹුරුවල තණ කොළ ද යම් ප‍්‍රමාණයක් වගා කිරීමෙන් එම සතුන්ගේ ආහාර ප‍්‍රශ්නය විසඳා මිනිසාට පෝෂ්‍යදායි ආහාරයක් ලබා ගත හැකි   බවත් දිසාපති නිමල් අබේසිරි මහතා ද පශු  වෛද්‍ය අංශය ද ගොවියෝ ද කියා සිටියහ.