රජරට උපකුලපති හිර කරති


තම ඉල්ලීම් ගැන සාකච්ඡා ප්‍රතික්ෂේප කළැයි රජරට සරසවියේ පුලියන්කුලම වෛද්‍ය පීඨ සිසුහු පන්සියයක් පමණ උපකුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන හා පීඨාධිපති මහාචාරිනී මාලනී උඩුපිහිල්ල අද පෙරවරු 10.30ට පමණ අතුරු වෛද්‍ය ගොඩනැගිල්ලේ රඳවාගනු ලැබ සිටිති. පොලිසිය කැඳැවීමට උපකුලපති සූදානම් වුවත් පීඨාධිපතිනිය ඊට විරුද්ධවූ බවත් පසුව සිසුන් හා සාකච්ඡා කිරීමට උපකුලපති එකඟ වූ බවත් සරසවි ආරංචි කියයි. අවසන් වසරේ විභාගයට සූදානම් වීම සඳහා මහාචාර්ය ඒකකය පිහිටැවීමට හත් මාසයක් ගත වීම ගැන සාකච්ඡා කිරීම සිසුන්ගේ උත්සහාය විය.