සුජිත් හේවාජුලිගේ
රජරට විශ්ව විද්‍යාලයේ උප කුලපති ධුරය කලක සිට පුරප්පාඩු වී පවතින බව වාර්තා වෙයි.
පුරප්පාඩු වී පවතින උප කුලපති ධුරයට සුදුස්සකු තෝරා ගැනීම සඳහා මේ දිනවල නාම යෝජනා කැඳවා ඇතැයි රජරට විශ්ව විද්‍යාලයේ වැඩබලන ලේඛකාධිකාරිවරයා පැවසීය.
ප්‍රබල පර්යේෂණ පැතිකඩක්, ප්‍රත්‍යක්ෂ නායකත්ව ගුණාංග හා විවිධ අභිරූපන කණ්ඩායම් සමඟ ප්‍රායෝගිකව ගනුදෙනු කළ හැකි අන්තර් පුද්ගල සබදතා, ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් හා තීරණ සාධනීය ආකාරයෙන් ක්‍රියාත්මක කිරිම් කැපවීම, විශ්ව විද්‍යාලයක ගුණාත්මකභාවය පිළිබඳව ගැඹුරු අවබෝධයක් සහිත පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකි වෙතැයි වැඩබලන ලේඛකාධිකාරිවරයා සඳහන් කරයි.