මාස අටක පමණ ඉඩෝරය හමාරකරමින් රජරටට වැසි ලැබෙමින් පවතී. අනුරාධපුරයටත් පොළොන්නරුව හා මැදිරිගිරියටත් සෙනසුරාදාත් අදත් වැසි ලැබුණු බවත් වැසි ලැබුණු සතුටට ගැමියන් හට්ටි මුට්ටිවලට වැසි ජලය එකතුකරමින් සතුටින් සිටින බව වාර්තා වෙයි.
මීගමුවේ සංචාරක මගපෙන්වන්නකු වන ඇන්ඩෘෘ සිල්වා මහතාගේ මැදහත් වීමෙන් අද මැදිරිගිරියේ දී හා පොළොන්නරුවේ දී ජල ටැංකි 20ක් පරිත්‍යාග කෙරේ.



