
(දයාරත්න ඇඹෝගම)
රජරට විශ්වවිද්‍යාලීය පාලක සභාව විසින්, උපකුලපති තනතුර සඳහා නම් කොට යවන ලද නාම යෝජනා තුන පසෙකලා මාස හතරකට පසුව කිසිදු හේතුවක් නොදන්වා අලුතෙන් නාමයෝජනා තුනක් එවන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සිදුකළ දැනුම් දිමට විරෝධය පළ කරමින් රජරට විශ්ව විද්‍යාලීය ආචාර්ය සංගමය අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළ බව සභාපති නාලක ගීකියනගේ මහතා පවසයි.
රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් මේ දිනවල විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන් රාජකාරි වල නිරතව සිටියද දේශන පැවැත්විම ඇතුළු අනෙකුත් පරිපාලන කටයුතු වලින් බැහැරව සිටිති.
රජරට විශ්වවිද්‍යාලයේ පැවැති මාධ්‍ය හමුවකදි සභාපතිවරයා මේ බව පැවසිය.
එම මාධ්‍ය හමුවේදි වැඩි දුරටත් අදහස් දක්වමින් රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපති නාලක ගීකියනගේ මහතා මේසේද පැවසිය.
“ වත්මන් වැඩ බලන උපකුලපතිවරයාගේ සහ ලේඛකාධිකාරිවරියගේ අත්තනෝමතික, අනීතික සහ විනය විරෝධී වැඩපිළිවෙලට ප්‍රතිචාර වශයෙන්, අඛණ්ඩ වැඩ වර්ජනයක් ආචාර්යවරුන් පසුගිය මස 30 වැනිදා සිටි ආරම්භ කොට තිබේනවා.වත්මන් වැඩ බලන උපකුලපති තුමන් සහ ලේඛකාධිකාරීතුමිය ඉතාමත් අත්තනෝමතික අයුරින්, විශ්ව විද්‍යාලීය පාලක සභාවේ තදබල විරෝධය ද නොතකා මේ වන විට අලුතෙන් උපකුලපති තනතුර සඳහා අයදුම්පත් කැඳවීමට පුවත්පත් දැන්වීමක් පළ කොට තිබෙනවා.

