වසර 20ක් තිස්සේ විවිධ පළිගැනීම් හා අසාධාරණයට ලක්වූ රජයේ සේවයේ නියුතු සියලු දෙනාට අගෝස්තු 17 න් පසුව පිහිටුවන එක්සත් ජාතික පක්ෂ රජය මහින් සාධාරණය ඉටු කරන බව ගම්පහ දිස්ත්‍රික් එජාප අපේක්ෂක ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ගම්පහ දි පැවසීය.
‘ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයන් සිය ගණන් එජාපය සමඟ එකතු වෙනවා. බියගම ආසනයේ ශ්‍රීලනිප පාක්ෂිකයන් 300ක් පමණ දැනටමත් අපට සහාය දීට ඉදිරිපත් වී තිබෙනවා. අත්තනගල්ල ආසනයේ තත්ත්වයත් එසේමයි. ‘

