රජයේ සේවකයන්ට මෙවර මාසික වැටුප 21දා


(නිමන්ති රණසිංහ)

රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප ලබන 21 වැනි සිකුරාදා ලබා දීමට කටයුතු කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

කොරෝනා තත්ත්වය හේතුවෙන් පනවන ලද සංචරන සීමා මෙන්ම රාජ්‍ය සේවකයන්ගේ අපේ‍්‍රල් මස වැටුප සිංහල හා හින්දු අලූත් අවුරුද්දට පෙර ලබාදී තිබීම හේතුවෙන් මෙම තීරණ්‍ය ගත් බව ද ලේකම්වරයා නිවේදනයෙන් සදහන් ඇත.