සයිටම් ගැටළුව සම්බන්ධයෙන් රජයෙන් ලබා දුන් විසඳුම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් පිළිගැනීම ගැන තමා සතුටට පත් වන බව සයිටම් ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා කියයි.
‘‘සෑම වෛද්‍ය ශිෂ්‍යයකුගේම සිහිනය වන්නේ වෛද්‍යවරයකු ලෙස මූලික සිදුසුකම් සපුරා , පශ්චාත් උපාධි පුහුණුව සම්පූර්ණ කොට විශේෂඥ වෛද්‍යවරයකු වීම බැවින් මා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටින්නේ රාජ්‍ය වෛද්‍ය පීඨ සිසුන් නැවත අධ්‍යන කටයුතු හා සායනික පුහුණුව වෙත යොමු කරන ලෙසයි.
සියලු මතභේද දුරලමින් රටේත්, සිසුන්ගේත් අනාගත අභිවෘද්ධිය සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු අතර ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපනය ලැබීමට ඇති නිදහස ස්ථාපනය කිරීමට හැකිවීම පිළිබඳව මම නිහතමානීව සතුටු වෙමි.‘‘ යැයි ද වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

