රජයේ වාහනයක් ඡන්දෙට


මෙවර පළාත් සභා මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වදින මීගමුව නියෝජ්‍ය නගරාධිපති එම් එස් මොහොමඩ් සකවුල්ලා මහතා ඔහුගේ පරිහරනය සඳහා පළාත් සභාව මගින් ලබා දුන් වාහනය පසුගිය සතියේ මැතිවරණ කටයුතු සඳහා භාවිතා කළ බවට නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කළේය.

එම වාහනය ඔහු නැවත බාර දී නැතැයි, එය මැතිවරණ කටයුතු සඳහා භාවිත කිරීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ද කැෆේ සංවිධානය ඉල්ලා ඇත.