(සුජිත් හේවාජුලිගේ )
දිවයිනේ සියලුම රජයේ රෝහල්වලින් කොරෝනා මර්දන එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළක් ළඟදීම අරඹන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය .
එන්නත් තවත් තොග ලැබීමට නියමිත බවත් එම තොග ලැබුණු වහාම එම වැඩපිළිවෙළ අරඹන බවත් ඔහු ප්‍රකාශ කළේය .
එන්නත් තොග ලැබුණු වහා එන්නත්කරණය කරන රෝහල් සහ එම කටයුතු සිදු කරන වේලාව ජනතාවට දැනුම් දීමට පියවර ගන්නා බව කී ගුණවර්ධන මහතා අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට එහිදී වැඩි අවධානය යොමු කෙරෙන බවද සඳහන් කළේය .

