රජයේ නිලධාරීන්ට එරෙහිව මැකෝට පැමිණිලි


මැතිවරණ නීති උල්ලංඝනය කළැයි රාජ්‍ය නිලධාරීන් 53 දෙනකුට එරෙහිව මැතිවරණ කොමසාරිස් වෙත පැමිණිලි කර ඇතැයි පැෆරල් සංවිධානය පවසයි.

පත්වීම් ලබාදීම්, මාරු කිරීම්, රජයේ රැකියාවල නිරතවන අතරතුර නිවාඩු ලබානොගෙන අපේක්ෂකයින්ට සහාය දීම් අපේක්ෂකයින්ගේ පරිහරණයට රජයේ වාහන ලබාදීම් හා රාජ්‍ය දේපළ ලබාදීම් පිළිබඳ පැමිණිලි ලැබී තිබූ බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

ලේකම්වරු, අතිරේක ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන්ගේ සිට සමෘද්ධි නිලධාරීන් දක්වා විවිධ තරාතිම්වල නිලධාරීන් පිළිබඳව මෙම පැමිණිලි ලැබී ඇතැයිද ඔහු කීවේය.