(ඩයනා උදයංගන)
‘සයිටම්’ අහෝසි කරන බවට රජය ගෙන ඇති තීරණය හා ඊට හේතු වූ කරුණු ද සහිතව මේ මස 13 වැනිදාට පෙර නීතිපති දෙපාර්තමේන්තුව හරහා අධිකරණයට දැනුම් දීමට පියවර ගත යුතු බවත්, එසේ නොකළහොත් වෘත්තීය ක‍්‍රියාමාර්ගයන්ට එළඹෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එසේ නොකර රජයේ ස්ථාවරයට පටහැනි ස්ථාවරයක් අධිකරණයෙන් මතුවුවහොත් මෙය නැවත අර්බුදයක් බවට පත්වනු ඇතැයි එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසීය.
වෛද්‍ය හරිත අලූත්ගේ මහතා මේ බව පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේදී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම වෛද්‍ය පීඨය අහෝසි කිරීම මෙන්ම මෙහි මුලාවට හසුවූ ශිෂ්‍යයින්ට සාධාරණය ඉටුකිරීමට ද ජනාධිපතිතුමා විසින් පත්කර ඇති කමිටුව ක‍්‍රියා කළ යුතු බව වෛද්‍ය හරිත අලූත්ගේ මහතා සඳහන් කළේය.

