
(අජන්ත කුමාර අගලකඩ)
ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් එක් තනතුරකට වඩා තනතුරු නොදැරිය යුතු යැයි පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරිමේ ජනාධිපති කොමිසන් සභාව සිය වාර්තාවෙන් නිර්දේශ කර ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේ ආරක්ෂක ලේකම් ධූරය හෙබවූ හේමසිරි ප්‍රනාන්දු මහතා ඊට සමගාමීව තනතුරු කිහිපයක් දැරූ බැවින් ආරක්ෂක අමාත්‍යාංශයේ රාජකාරී සඳහා ගත කළ කාලය අඩු වූ බවද එම වාර්තාව පෙන්වා දෙයි.
හේමසිරි ප්‍රනාන්දු මහතා 2018 ඔක්තෝබර් 30 වැනිදා සිට 2019 අප්‍රේල් 25 වැනිදා දක්වා කාලය තුළ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ අතර, 2018 නොවැම්බර් 7 වැනිදා දක්වා ජනාධිපති කාර්යාල මණ්ඩල ප්‍රධානී තනතුර හෙබවීය.
ඔහු මීට අමතරව 2019 අප්‍රේල් දක්වා මහජන ලීසිං සභාපති ධූරයද, 2019 මාර්තු දක්වා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරය සහ ජාතික දුම්රිය කෞතුකාගාරයේ සභාපති ධූරය ද හෙබවා ඇතැයි කොමිසන් සභා වාර්තාවේ සඳහන් වේ.

