පුත්තලමේ කල්පිටියේ ව්‍යාජ වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යමින් ජා-ඇල උදම්මිට යමුනා නිරංජනී සේරසිංහ මහත්මියගෙන් රුපියල් 1,838,000ක් වංචා කළැයි කියන රොහාන් සමන් රත්නායක නොහොත් ස්ටීවන් හෙල්ගසන් ලබන 9 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා නියම කළේය.
පොල් හා වෙනත් වගා වැවීම සඳහා අක්කර තනක් එම කාන්තාවට විකුණා ඇත්තේ රජවේ ඉඩම රජයේ ඉඩමක් බව පසුව සොයා ගැනිණි.
නම් කිහිපයකින් පෙනී සිටිමින් ගුවන් ගමන් බලපත් කිහිපයක් ඇතිව සිටි සැකකරු කොළඹ, මාලිගාකන්ද හා පුත්තලම උසාවිවලට ද අවශ්‍ය පුද්ගලියෙකියි පොලිසිය අධිකරණයට දැන්වීය.
ඔහු ග්‍රීන් ෆීල්ඩ් ප්ලාන්ටේෂන් ඩිවලොප්මන්ඩ් ඇන්ඩ් මැනේජ්මන්ට් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ලෙස කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුනේ කාර්යාලය පවත්වාගෙන යමින් රජයේ ඉඩම් විකුණා ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.