රජයේ ඉඩම් අක්කර එකොළොස් දාහක් හොර ගොඩ ගිහින්




(සුජිත් හේවාජුලිගේ)

රජයේ වැවිලි ඉඩම් 54ක අක්කර 11900ක් අවභාවිතවී ඇති බව විගණන වාර්තා අනාවරණය කර ඇතැයි වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ  මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය  රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

රජය සතු වැවිලි ඉඩම් අවභාවිත කිරීම කොටස් තුනක් යටතේ හඳුනාගෙන ඇති බවද  ඔහු සඳහන් කළේය.

එම ඉඩම් වඩාත් ඵලදායී ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට අදාළ රාමුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරි සතියේදී ඉදිරිපත් කරන බව පැවසූ අමාත්‍යවරයා  ඇතැම් ඉඩම් බාහිර පාර්ශව අනවසරයෙන් භාවිතා කරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද සඳහන් කළේය.

තවත් ඉඩම් ප්‍රමාණයක් බදු කාලය ඉක්මවා  නිසි පරිදි බදු ගෙවීමකින් තොරව භාවිත කරන බව දැනගන්නට ඇතැයිද තවත් ඉඩම් ප්‍රමාණයක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර ඇතැයිද ඔහු පැවසුවේය.