රජයේ ආයතනවල සතියක කාලයක් ජාතික කොඩිය ඔසවන්න


 
(නිමල කොඩිතුවක්කු)

 
ශ‍්‍රී ලංකාවේ 71 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් පෙබරවාරි 01 වැනි දා සිට 07 වැනිදා දක්වා පුරා සතියක කාලයක් සෑම රජයේ ආයතන පවත්වාගෙන යන සියලූම ගොඩනැගිලිවල ජාතික කොඩිය එසවීමට සහ  පෙබරවාරි 03 සහ 04 දිනවල දී එම ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකාර කිරීමට කටයුතු කරන්නැයි රජය  දැනුම් දී තිබේ.

එමෙන් ම පෙබරවාරි 01 වැනිදා සිට 07 වැනිදා දක්වා වූ සතිය තුළ සෑම නිවසකම, ව්‍යාපාර ස්ථානයකම ජාතික  ධජය ඔසවන ලෙසද රජය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ශ‍්‍රී ලංකාවේ 71වැනි ජාතික නිදහස් දින උත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්  සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පෙබරවාරි මස 4 වැනි දින පෙරවරු 8.00 ට කොළඹ,  ගාලූමුවදොර පිටියේදී අභිමානවත් අයුරින් පැවැත්වෙයි.

ප‍්‍රධාන ජාතික දින උළෙල බස්නාහිර පළාතේ කොළඹ පැවැත්වෙන බැවින් ගම්පහ සහ කළුතර දිස්ත‍්‍රික්කවල හැර  දිවයිනේ අනෙකුත් සෑම දිස්ත‍්‍රික්කයකම ප‍්‍රධාන නගරවල දිස්ත‍්‍රික් ලේකම්වරුන්ගේ මෙහෙයවීමෙන් ජාතික දින  උළෙල පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන හා පළාත්  සභා අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.

මහාමාත්‍ය ඩී. එස් සේනානායක පිළිරුව අබියස පුෂ්පෝපහාර පිරිනැමීම 04 වන දින උදෑසන සිදුකිරීමට නියමිතය.