රජයට විරෝධය පා කොටුවේ උද්ඝෝශනයක්


(යොහාන් භාසුර)

රජයේ ක්‍රියා කලාපයට විරෝධය දක්වමින් වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන රැසක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී  අද (29) දහවල් විරෝධතාවක් පැවැත්වීය. 

අධ්‍යාපන පෞද්ගලිකරණයට, ජාතික සම්පත් විකිණීමට සහ මර්දනය විරෝධය දැක්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන මෙම විරෝධතාවය පැවැත්වූ බව වෘත්තිය සමිති පැවසීය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)