(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මත්පැන් නිෂ්පාදන කටයුතු නවත්වා ඇති සමාගම් කිහිපයක්ද රුපියල් කෝටි ගණනක බදු මුදලක් රජයට කාලයක සිට ගෙවා නැතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
එසේ හෙයින් මේ ආකාරයට බදු ගෙවීම පැහැරහැරීම වැළැක්වීම සඳහා මත්පැන් නිෂ්පාදන සමාගම්වල මාස හයක නිෂ්පාදන ධාරිතාවට සමාන මුදලක් නිෂ්පාදන බලපත්‍ර නිකුත් කිරීමේදී හෝ මත්පැන් බලපත්‍ර අලුත් කිරීමේදී තැන්පතුවක් ලෙස ගැනීමට හැකිවන ලෙස නීතිමය සංශෝධන ගෙන එන ලෙස කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මුදල් අමාත්‍යංශයට නිර්දේශ කළේය.
මේ අතර සුරා බදු නොගෙවූ සමාගම් වලින් රුපියල් කෝටි 20කට වැඩි හිඟ බදු මුදලක් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ නිර්දේශ හේතුවෙන් මේ මාසයේදී රජයට ලැබුණු බවද රණවක මහතා කීවේය.
රටවිරුවන්ගේ විද්‍යුත් වාහන ව්‍යාපෘතියට වෝහාරික විගණනයක් අවශ්‍ය බවටද කමිටුව නිර්දේශ කළේය.
එසේම නීති නීතිවිරෝධිව මෙරටට ගෙන්වන ග්‍රෑම් 100 ට වැඩි රත්රන්වලට තුන්ගුණයක දඩයක් අය කිරීමටද කමිටුව යෝජනා කළේය.
මෙන්ඩිස් සමාගම,ෆින්ලන්ඩ් නිෂ්පාදනාගාරයසිනර්ජි නිෂ්පාදනාගාරය සහ රන්දෙණිගල නිෂ්පාදනාගාරය යන නිෂ්පාදන ආයතන වල හිඟ බදු මුදල වන රුපියල් කෝටි 100 ක මුදල සහ ප්‍රමාද ගාස්තු මාස 9 කින් ගෙවා දැමීමට එකඟවී ඇති බවත් එම සමාගම් රුපියල් කෝටි 19 කට වැඩි මුදලක් ගෙවා ඇති බවත් කාරක සභාවේදී සඳහන් විය.

