2009 වසරේ ඌව පළාත් සභා ඡන්දය සමඟ සසඳන විට මෙවර සන්ධානයේ ඡන්ද 69000ක් අඩුවී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 145629ක් වැඩි කර ගෙන ඇත.
ගියවරට වඩා ඡන්ද 21941ක් වැඩි කර ජනතා විමුක්ති පෙරමුණට ගැනීමට සමත් විය.
මෙවර සන්ධානයේ මන්ත්‍රී ධුර හයක් අඩුවී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ධුර 06ක් වැඩි වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ද මන්ත්‍රී ධුරයක් වැඩි කර ගෙන ඇති අතර කඳුරට ජනතා පෙරමුණේ මන්ත්‍රීධුරය අහිමි විය.

