බැඳුම්කර නිකුතුව පිළිබඳව සිදුවී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිෂමේදී රජය විනිවිදභාවයකින් කටයුතු කළ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
නව වසර වෙනුවෙන් බියගම ප්‍රදේශයේ අද (04) පැවති උත්සවයකදී අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කලේ 2015 ජනවාරි 08 වෙනි දින වත්මන් රජයට ජනවරම හිමිවුනේ දූෂණ විරෝධී ස්ථාවරයකින් යුතුව කටයුතු කිරීමට බවයි.
ජනාධිපති කොමිෂමේ නිර්දේශ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම තුලින් එම බලාපොරොත්තු යථාර්තයක් වන බව අමාත්‍යවරයා පැවසීය.

