රජය පොන්සේකාගෙන් පළිගන්නවා’


දේශාපලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීම සඳහා රජය අධිකරණ ක‍්‍රියාවලිය අසාධාරණ ලෙස යොදා ගනිතියි හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාගේ නීතිවේදී සාලිය පීරිස් මහතා කොටුව මහාධිකරණයේ දී පැවැසීය. ව්‍යාජ ලියැවිලි ඉදිරිපත් කැර යුද හමුදාවට උපකරණ මිලදී ගත්තැයි දනුන තිලකරත්න, වෙලින්ටන් ඩි හෝඞ්ට් හා සරත් පොන්සේකා චෝදනා ලබා සිටිති. එකම විදියේ චෝදනා මත නඩු දෙකක් පවරා ඇතැයි ද ඔහු කීවේය. රජයේ නීතිඥ දමිත් තොටවත්ත මහතා පැවැසුයේ ලිඛිතව ද විරෝධතා ඉදිරිපත් කරන බවයි.