(මනෝජ් හර්ෂික)
රජය කෙරෙහි සිය විශ්වාසය අඛණ්ඩව පවත්වාගන්නා ලෙසත් ඉදිරි ආර්ථික ක්‍රියාකාරකම් යහපත් ආකාරයෙන් පවත්වා ගෙන යාමට අවශ්‍ය වාතාවරණය හැකි ඉක්මණින් ඇති කිරීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ පාස්කු ඉරිදා එල්ල වු ත්‍රස්ත්‍ර ප්‍රහාරයෙන් පසු ව්‍යාපාරික ප්‍රජාව වෙත බලපා ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිත කණ්ඩායමක් හමුවෙමිණි.
එම නියෝජිත පිරිස ලංකාවේ උද්ගතව ඇති කලබලකාරී වාතාවරණය හමුවේ මතුව ඇති ගැටලු තත්ත්ව සමනය කිරීම සඳහා අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් යෝජනා ද එහිදී ඉදිරිපත් කළහ.
මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් රජයට ගත හැකි සෑම පියවරක් ම ගන්නා බවත් ආරක්ෂා සම්බන්ධයෙන් මේතාක් සාර්ථක පියවර රැසක් ගෙන ඇති බවත් එහිදී අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
ත්‍රස්ත්‍රවාදීන්ට මෙවැනි ප්‍රහාරයක් සැලසුම් කිරීම පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව මත පළ කළ අතර රටේ ආරක්ෂක ක්‍රියාකාරීත්වයේ පවතින හිඩැස පිළිබඳව ද අදහස් දැක් වූ ඔවූහු ඉදිරි ආරක්ෂක විධිවිධාන තර කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්හ.


