(විනීතා එම් ගමගේ)
කොරෝනා වයිරසය මැඩ පැවැත්වීමේ දී රජය ගන්නා සියලු තීන්දු තීරණවලට අනුගත වන බවත් ඒවාට සහය දෙන බවත් හාම්පුතුන්ගේ සම්මේලනය පොරොන්දු වී යැයි කම්කරු අමාත්‍යංශයේ ලේකම් සරත් අබේගුණවර්ධන මහතා පැවැසීය.
සියලු පෞද්ගලික ආයතනවල කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ ශරීර උෂ්ණත්වය මැනීම සඳහා උපකරණ සවිකිරීමට එම කමිටුවේ දී එකඟතාව පළවු බවත් ඒ අනුව සියලු ආයතනවල එම උපකරණ සවි කරනු ඇතිබව ලේකම්වරයා ප්‍රකාශ කළේය.
පවතින තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා වන කාර්ය සාධක බලකායක් කම්කරු අමාත්‍යංශයේ පිහිටුවා ඇති අතර එම කමිටුව පළමු වරට රැස්වූ අවස්ථාවේ දී මේ බව පළ කළේ යැයි ද අබේගුණවර්ධන මහතා කීය.
කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, කම්කරු අමාත්‍යංශය, කම්කරු දෙපාර්තමේන්තුව හාම්පුතුන් ගේ සම්මේලන හා වෘත්තිය සමිතිවල සහභාගිත්වයෙන් අද (17) මෙම සාකච්ඡාව පැවැත්විණි.
රජයේ හා පෞද්ගලික අංශයේ සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත් රජයේ නිරෝධායන වැඩසටහනට සහයෝගය දීමටත් කම්හල්වල පැන නගින ගැටලු වලට කඩිනමින් විසඳුම් ලබාදීමටත් එහි දී වෘත්තිය සමිති හා හාම්පුතුන්ගේ සම්මේලන එකඟ වී තිබේ.
සියලුම පෞද්ගලික ආයතනවල සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ කමිටුවක් පිහිටුවීමට ද එහිදී එකඟතාව පළවී ඇතැයි හෙතෙම සඳහන් කළේය.
අත්‍යවශ්‍ය නොවන සේවාවන්හි යෙදෙන සේවකයන්ට නිවාඩු ලබාදීමටත්, ආහාර ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට සහය දීමටත් සියලු අංශවල සහය ලබාදෙන බව එහි දී එකඟතාවකට පැමිණි බව ද ඔහු කියා සිටියේය.
රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර සියලු ආයතන වසා දැමුවහොත් එයට ද සහය ලබාදීමට කමිටුවේ සාමාජිකයන් සියලු දෙනා ඒකමතිකව තීරණය කළ බව ද ලේකම්වරයා කියා සිටියේය.
කම්කරු දෙපාර්තමේන්තුවේ විසිහතර පැය පුරා ක්‍රියාත්මක හදිසි ඇමතුම් සේවාවක් පවත්වාගෙන යාමට මෙන්ම සියලු පෞද්ගලික ආයතන මෙම කමිටුව පිළිබඳ දැනුම්වත් කිරීමට ද තීරණය වී යැයි අබේවර්ධන මහතා කියා සිටියේය.
කම්කරු අමාත්‍යංශයේ කොරෝනා වැළැක්වීමේ කාර්ය සාධක බලකාය හෙට (19) පෙරවරුවේ යළි රැස්වීමට නියමිතය.

