පසුගිය ජනාධිපතිවරණ කාලයේ දී හේමකුමාර නානායක්කාර මහතා මහනුවර පැවති ජන හමුවකදී කළ කතාවකි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ සිටින කාලේ පණිවිඩයක් ලැබුණලු මේ පාරනම් වැඩේ කපෝතියි කියලා. අරලියගහ මන්දිරයට ඉන්දියාවෙන් සාස්තර කාරයෙක් ගෙන්නුවලු. ඒ සාස්තරකාරයා කිව්වලු රජ ගෙදර පවුකාරයා හොයලා එයාව රටෙන් තාවකාලිකව පිට කරන්න ඕන කියලා. මහින්ද මහත්තයට ජනාධිපතිවරණයෙන් යන්තම්වත් හුස්ම අල්ලන්නනම් මේ විදියට කරන්න ඕන කිව්වලු.
ඉතින් ඔන්න සාස්තරකාරයා ඇවිල්ලා රාජපක්ෂවරු සියලු දෙනාම රවුමට තිබ්බලු. මහින්ද රාජපක්ෂ මහත්තයව වාඩි කලාලු කමිසෙ ගැලෙව්වම කිරි අප්පො වගේලු. ඊළඟට හොර පූසා බැසිල් රාජපක්ෂලු. අනිත් අනිත් පැටවු ටිකත් වටේට තියල ගුරුන්නාන්සේ පටන් ගත්තලු මතුරන්න.
ඕං ආටක නාටක සාටක සුම්මම් ඕඩි අලප්පම් ආම් බාම් බුරියම් බුෂ් කියල කලං කරගෙන අන්තිමට නවතින්නෙම මහින්ද ළඟලු. ආපහු ගණන් කරගෙන ආවත් නවතින්නේ මහින්ද මහත්තය ගාවලු. හොර පූස වගේ බැසිල් කියනලු අයියේ ඔහෙට තමා රටින් යන්න වෙන්නේ කියල.

