පුරාවිද්‍යා දෙපාර්මේන්තුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයය ඒකාබද්ධව රජගලතැන්න ඓතිහාසික පුදබිමේ කැණිම් ආරම්භ කර අවුරුදු 03 ක් පිරිම සහ මෙම පුදබිමේ ඉදිකරන ලද ගොඩනැගිලිවලට ගෙවදිම නිමිති කොටගෙන රජගල පුරාවිද්‍යා ව්‍යාපෘතිය ඓතිහාසික රජගල කන්දේ දී සර්වරාති‍්‍රක පරිත‍්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්විය.
මෙම පරිත‍්‍රාණ ධර්ම දේශනාව සමඟ අරියවංශ සුත‍්‍ර දේශනාවද පැවැත්විම සිදුවිය. ඈත ඉතිහාසයේ ද මෙම රජගල පුදබිමේ ආරියවංශ සුත‍්‍රය දේශනාකර ඇති බව සඳහන් වෙන බවද ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ මහාචාර්‍ය පි.බී.මණ්ඩාවල මහතා පවසයි. රජගල කන්දේ මෙවැනි පරිත‍්‍රාණ ධර්ම දේශනාවක් පවත්වනු ලැබුවේ වසර 1000 කින් පසුව බවද පැවසුවේය.
මෙම පිරිත් දේශනාවෙන් පසුදින උදේ මහා සංඝයා හට හීල් දානය පිරි නැමිමද සිදුවිය. මෙම පිංකමට සමගාමිව රජගලතැන්න කැණිම්වලදි හමු වු අතර පුරාවස්තු ප‍්‍රදර්ශනයක්ද පැවැත්විණි.
දැනට කරන කැණිම් වලදි දාන ශාලාව යැයි සිතන ශාලාවේ තිබි ගලින් කරන ලද ඔරලොසුවක් හමුවි තිබේ . අභයගිරි කැණිම් වලදි ද මේවැනි ම ඔරලොසුවක් හමුවි ඇති බව මහාචාර්‍ය මණ්ඩාවල මහතා කීවේය.
කි‍්‍ර.පු 119 පමණ සද්ධාතිස්ස රජතුමාගේ පුත් ලජ්ජාතිස්ස කුමාරයා විසින් මෙම ඓතිහාසික පුදබිම ආරම්භ කළ බවට මහාවංශයේ සදහන්වේ. රජගලතැන්න පුදබිමේ ඇති ලෙන් වල තිබෙන ශිලා ලේඛන 08 ක පමණ ලජ්ජතිස්ස කුමාරයා පිලිබඳව සඳහන් ව ඇති අතර ලජ්ජාතිස්ස කුමාරයා විසින් මෙය ආරම්භ කළ බවට එය පැහැදිලි සාක්කියක් බවද ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කරුණාසේන හෙටිටි ආරචිචි මහතා පැවසුවේය.

![1[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/12.jpg)
![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/211.jpg)
![3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/311.jpg)
![16[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/1611.jpg)
![17[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/1712.jpg)
![18[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/1811.jpg)
![19[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/191.jpg)
![21[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/2111.jpg)
