රජ කාලේ වී යළි උපදී


ඖෂධීය වටිනාකමකින් යුත් ඉපැරැණි වී වර්ග 3000ක් සිංහල රජ දවසේ  පැවැති බවත් ඉන් වර්ග 1487ක් පේරාදෙණිය ජාන සම්පත් මධ්‍යස්ථානය  සොයාගෙන ඇති බවත් එයින් ද වී වර්ග 160ක් දඹුල්ල, දෙහිඅත්තකණ්ඩිය, ගාල්ල, හම්බන්තොට, ගම්පහ, කොළඹ, කළුතර ආදි ප‍්‍රදේශවල වගා කැර ඇති බවත් දේශීය බීජ හා කෘෂි සම්පත් සුරැකීමේ ගොවි සම්මේලනයේ සභාපති පී. ගුරුසිංහ මහතා කියයි. කාය ශක්තිය වඩා දියවැඩියා, ස්නායු හා මුත‍්‍රා රෝග, පිළිකා,  නැසීමේ ගුණයක් ඇති බව කියන  මා වී, සුවඳැල්, කළු හිනැටි, රත්දැල්, පොක්කලි, දහනල, කුරුළුතුඩ, හැට දා වී සහ මඩතවාලූ ද   එම ගොවිපොළ වල වගා කැර තිබේ. ලුණු ගතිය වැඩි බූන්දල  ‘‘ පොක්කලි’’ ද    හෝමාගම සූදුරු ද පර්යේෂණ සඳහා රෝපණය කර ඇත. ගුරුසිංහ මහතාගේ දුරකථනය 0717836803