රගර් ක්‍රීඩක සුසානයට පොලිස් මුර


දත් සහ ඉල ඇට කඩා දස වද දී මරා දැමුණු බව කියන රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ දේහය භූමදාන කළ දෙහිවල රෝහල පාරේ පල්ලියකට පොලිස් ආරක්ෂාව ලබා දී ඇතැයි පොලිස් ආරංචි කියයි.

තාජුදීන්ගේ දේහය ළඟදීම ගොඩ ගනිතියි දැනගන්නට තිබේ.

2012 මැයි 16 වැනි දා ඔහු මරා දමා තිබුණු අතර එකල පොලිසිය කීවේ මෙය රිය අනතුරක් බවයි.

මේ ඝාතනය ගැන එකල රජයේ ප්‍රබලයකුගේ පුතකු ගැන ‍ගැන සැක මතු වී තිබිණි.