රගර් ක්‍රීඩක සිරුර ගැන නීතිපති උපදෙස් පතයි


දත් සහ අතපය කඩා බෙල්ලට උල් ආයුධයකින් ඇන මරා දැමුණු බව කියන රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ සිරුර ගොඩ ගැනීම ගැන උපදෙස් ලබා ගැනීමට රහස් පොලිසිය නීතිපති උපදෙස් පතා ඇතැයි පොලිස් ආරංචි කියයි.

නීතිපති උපදෙස් ලද වහාම මහේස්ත්‍රාත් නියෝගය ලබා ගන්නා බව පොලිසිය කියයි.

එතෙක් දේහය භූමදාන කර ඇති පල්ලියට පොලිස් ආරක්ෂාව ලබා දී තිබේ.

2012 මැයි මාසයේ දී වසීම් තාජුදීන් මරා මරා දැමුණු අතර ඒ දිනවල පොලිසිය කීවේ රිය අනතුරකින් මරණය සිදු වී ඇති බවයි. අධිකරණ වෛද්‍ය වාර්තා අනුව හෙළි වී ඇත්තේ වසීම් මරා දමා ඇති බවයි.

DSC_0018 DSC_0023 DSC_0027 DSC_0031