රගර් ක්‍රිඩක සිරුර සඳුදා ගොඩ ගනී


රගර් ක්‍රිඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ සිරුර  ලබන සඳුදා (10) ගොඩ ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා රහස් පොලිසියට අද (06) අවසර දුන්නේය.

2012 දී ඝාතනයට ලක් වු බව කියන තාජුඩීන්ගේ සිරුර දෙහිවල මුස්ලිම් පල්ලියේ මිහිදන් කැරිණි. අධිකරණ වෛද්‍ය මණ්ඩලයක්,පල්ලියේ පුජකවරුන් හා ග්‍රාම සේවක නිලධරයා  ඉදිරියේ සිරුර ගොඩ නැගිමට  නියම කළ මහේස්ත්‍රාත් පොලිස් ආරක්ෂාව සලසන ලෙස මහේස්ත්‍රාත්වරයා  නියෝග කළේය.