රක්‍ෂිත බන්ධනාගාරයේ සිට ප්‍රාදේශිය සභාවාරයට එයි


(කේ ඩි දේවපි‍්‍රය )

දැනට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින  කතරගම ප‍්‍රාදේශිය සභාවේ සභාපති චානක අමිල් රංගන මහතා අද (27) ප්‍රාදේශිය සභාවේ සභා වාරය සඳහා  බන්ධනාගාර නිලධාරීන් විසින් සභාවට රැගෙන එනු ලැබීය.

පසු ගිය ජනවාරි මාසයේ දි පුද්ගලයකුට කතරගම පොලිසියේ නිළධාරියකු වෙඩි තබා ඝාතනය කීරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සභාපතිවරයා  රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.  

සභාවට පැමිණි චානක අමිල් රංගන මහතාගේ කුඩා පුතු සිය පියාගේ උකුලට පැමිණ ‘තාත්තේ යමු ගෙදර අපිට  තාත්තා නැතිව ගෙදර ඉන්න බෑ . තාත්තා අපු බස් එකේ මමත් රැගෙන යන ලෙස කැඩුණු බසින් කුඩා දරුවා චානක අමිල් රංගන මහතා අමතා පැවසිය. කාගෙත් අනුකම්පා සහගත වු දර්ශනයක් විය.

චානක අමිල් රංගන මහතා ලබන 02 වැනි දින දක්වා බන්ධනාගාර ගත කර ඇත.