රක්ෂණ දෙන්නා කප්පම් කාලා
රක්ෂණ සමාගම් විධායකයන් බව කියා දෙදෙනකු පාරිභෝගික අධිකාරියේ නම විකුණමින් කාරයකින් ගොස් නාඋල කඩ හිමියකුගෙන් ”කප්පම්” කද්දී සැකපිට අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි.
පාරිභෝගික අධිකාරියෙන් නිකුත් කළ බඩු මිල දර්ශන බවට ලැයිස්තු පෙන්වමින් කඩ හිමියාගෙන් රුපියල් පන්දාහේ සිට මුදල් අය කැර ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
මේ දෙන්නා දඹුල්ලේ ජනප‍්‍රිය පුද්ගලයන් දෙදෙනකු බව කියති.

