රක්වාන උණුසුම් වේ


රක්වානේ  16 හැවිරිදි තරුණියක පසුගිය 19 වැනිදා කෙළෙසු බව කියන තරුණයකු අත්අඩංගුවට නොගත්තැයි තේ වතු පහක සේවකයෝ වැඩ වරා කම්කරු කොංග්‍රස් නායක ඇමැති ආරුමුගම් තොණ්ඩමන් මහතා එන තුරු නගරයට වී සිටිති.

ව්‍යාපාරිකයකු සැකකරුට රැකවරණය දෙතියි උද්ඝෝෂකයෝ කියති.පොලීසිය කියනුයේ ඔහු ප්‍රදේශයේ නැති බවයි.මේ සිද්ධිය නිසා අද (22) දෙවැනි දිනටත් පොලීසියට  එරෙහිව විරෝධයක් පවතී.