වසර 8ක පමණ කාලයක සිට මධ්‍යම පළාත් රක්නා ලංකා ආරක්ෂක අංශයේ සේවය කළ සේවකයන්ගේ රැකියාවන් නැවත ලබා දෙන ලෙස ඉල්ලමින් එහි සේවකයෝ අද (01) එම ආයතනයේ මධ්‍යම පළාත් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදුණහ.
උද්ඝෝෂකයන් පැවැසුවේ රක්නා ලංකා ආරක්ෂක අංශයේ සේවකයින් බැංකු, විශ්ව විද්‍යාල, ටෙලිකොම් වැනි ආයතනවල ආරක්ෂක අංශ වල සේවයේ නියැළුණු බවත් ටෙලිකොම් ආයතනයේ ආරක්ෂක අංශයේ සේවය කළ සේවකයින් 140 කට පමණ සියලු බඩු භාහිරාදිය බාරදී රැකියාවට නොයෙන ලෙස දන්වා ඇති බවත්ය.
රක්නා ලංකා මහනුවර ප්‍රාදේශිය කාර්යාලයේ කළමනාකරු කර්නල් කේ. ජී. කුලතුංග මහතා පැවැසුයේ ටෙලිකොම් ආයතනයේ ඉවත් කළ සේවකයින් කිසිවකු සේවයෙන් පහ කිරිමක් නොකළ බවත් ටෙලිකොම් ආයතනය මගින් වසරෙන් වසර එහි ආරක්ෂක නිලධාරින් ලබා දිම දිර්ඝ කළත් මේ වසරේ එය දීර්ඝ නොකළ නිසා මේ සම්බන්ධව සාකච්ඡා කිරිමට රක්නා ලංකා මහනුවර ශාඛාවේ ආරක්ෂක අංශයේ සේවකයන්ට කොළඹ ප්‍රධාන කාර්යාලයට මෙම මස 5 වැනිදා පැමිණෙන ලෙස දන්වා ඇති බවත්ය.





