(දයාරත්න ඇඹෝගම)
මහා සංඝරත්නයට අපහාස කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට විරුද්ධ විනය පරික්ෂණයක් සිදුකිරිමට අගමැතිවරයා මෙවන විටත් ක්‍රියා කරමින් සිටින බව වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය පි.හැරිසන් මහතා අද (17) අනුරාධපුරයේ දී පැවසීය.
යාං ඔය ව්‍යාපෘතීය නිසා ඉඩම් අහිමි වුවන් සඳහා වන්දි ප්‍රදානය කිරිමේ උත්සවය අද (17) අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී යාං ඔය ව්‍යාපෘතීය ඉඩම් අහිමිවූ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් 36 දෙනෙකු සඳහා රුපියල් මිලියන 42 ක් ඇමැතිවරයා විසින් බෙදා දෙනු ලැබීය.
එම උත්සවයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාට යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නයටත්, බුද්ධාගමටත් අගෞවරයක් වන ආකාරයට සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන්ම හෙළා දකිනවා.
මේක බෞද්ධ රටක්. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ තමයි මහා සංඝරත්නය.ඒ නිසා රංජන් රාමනායක මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පාක්ෂිකයෙක් ලෙස මහා සංඝරත්නයෙන් සමාව ඉල්ලා සිටිනවා.
පසුගිය කාලයේ මහා සංඝරත්නයේ උපදෙස්, අවවාද අනුශාසනා නොතකා දළදා මාලිගය ඉදිරිපිට රේස් පැද්දා. ඒ තත්වයට පත් නොවන්නටයි ජනතාව මේ රජය පත්කලේ. මේ හේතුන් නිසා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විරුද්ධව අගමැතිවරයා විසින් විනය පරික්ෂණයක් ඉදිරියේ දි සිදු කරනු ඇතැයිද අමාත්‍ය පි.හැරිසන් මහතා මෙහිදි පැවසිය.

