( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
නියොජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කළ බවට සඳහන් චෝදනා පත්‍රයේ කෙටුම්පත නීතිපතිවරයා විසින් අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයට බාර දෙන ලදී.
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා විසින් එම චෝදනා පත්‍ර කෙටුම්පත අධිකරණයට බාර දෙන ලදී.
ඒ අනුව නියොජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එරෙහිව ගොනුකර තිබෙන මෙම චෝදනා පත්‍ර කෙටුම්පත ඉදිරියට පවත්වා ගෙන යනවාද නැත්ද පිළිබඳව ලබන 8 වැනිදා සළකා බැලීමටද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
නියොජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කළ බවට සඳහන් කරමින් ගොනු කළ පැමිණිලි අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , විජිත් මළල්ගොඩ සහ එල් .ටී .බී.දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල හමුවේ අද (30) කැඳවනු ලැබීය.
පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ ශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් අදාළ පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.
මෙම ප්‍රකාශය තුළින් මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාවගේ පවතින විශ්වාසය හීනවන බවත් ඒ හරහා රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පැමිණිලිකරුවන් පවසයි.
මේ හේතුවෙන් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණය හමුවට කැඳවා මේ පිළිබඳව විභාගයක් පවත්වා සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පැමිණිලිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඡායාරූප - ළහිරු හර්ෂණ